ශ්‍රී ලංකා කොටියා

ශ්‍රී ලංකා කොටියා යනු ශ්‍රී ලංකාවේ වනාන්තරවල හමුවන විලෝපික ක්‍ෂීරපායී සත්ත්‍වයෙකි. සත්ත්වවිද්‍යාව අනුව කොටි උප විශේෂයක් වන අතර සත්ත්වවිද්‍යාත්මක නාමය පැන්තරා පාර්ඩුස් කොටියා (Panthera pardus kotiya)වේ. ශ්‍රී ලංකාවට පමණක් ආවේණිකය.

ශ්‍රී ලංකා කොටියා
ශ්‍රී ලංකා කොටියා

අන්තරායට ලක් වූ  (IUCN 3.1)
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: අනිමාලියා
වංශය: කෝඩේටා
වර්ගය: මමාලියා
ගෝත්‍රය: කානිවෝරා
කුලය: ෆෙලිඩේ
ගණය: 'පැන්තරා'
විශේෂය: පැ. පාර්ඩුස්
උපවිශේෂය: පැ. පා. කොටියා
ත්‍රිපද නාමය
පැන්තරා පාර්ඩුස් කොටියා
Deraniyagala, 1956[1]
The Distribution of the Sri Lankan Leopard

ශ්‍රී ලංකා කොටියා තර්ජනයට ලක්වූ විශේෂ අතරට එක්ව තිඛුණත්, නවතම පර්යේෂණයකින් සොයාගත් තොරතූරුවලට අනුව ශ්‍රී ලංකාවේ යාල ජාතික අභය භූමිය තුළ ලොව විශාලතම කොටි ගහනය වාර්තා වේ. තවද ශ්‍රී ලංකාවේ විල්පත්තු ජාතික වන උද්‍යානය කොටියන් නැරඹීම සඳහා ඉමහත් ප්‍රසිද්ධියක් උසුලයි. ලොව අන් රටචල් හා සසඳන කල ශ්‍රී ලංකාවේ විවිධ පෙදෙස් තුළ කොටියන් විශාල වශයෙත් අන් සතුන් සමග තම ස්වභාවික වාසස්ථාන ඛෙදාගනිමින් ජීවත්වන ආකාරය දැකියහැක.


විස්තරය

ශ්‍රී ලංකා කොටියා ලොව වෙසෙන කොටි විශේෂයට අයත් උපවිශේෂ අටෙන් එකකි. මෙම සතුන් ගේ සම ටෝනි හා රස්ටි කහ යන වර්ණයන් ගන්නා අතර තද පැහැති ලප සම පුරාම දක්නට ලැබේ. ගැහැනු සතුන් හත් දෙනෙකු අඩංගු වූ නියදියකින්, ගැහැනු සත‍කුගේ සාමාන්‍ය බර කි.29ක් වී ඇති අතර විශාලතම පිරිමි සත‍කුගේ බර කි.77ක් වන විට පිරිමි සත‍කුගේ සාමාන්‍ය බර කි.56ක් ව සටහන් වී ඇත.[2]


පැතිරීම හා වාසස්ථාන

ශ්‍රී ලංකා කොටියා ලොව අන් කිසිදු රටක හමුනොවන අතර ශ්‍රී ලංකාව තුළ හමුවන විලෝපීන් අතරින් ප්‍රමුඛස්ථානයනක් ලබා ඇත. මුල්කාලයේ දී මෙම සතුන් පිළිබඳ විශාල ලෙස තොරතුරු අනාවරනය වී නොතිබුනත් මැතකාලය් දී සිදු කරන ලද පර්යේශණ වලින් අනාවරණය කරගන්නා ලද තොරතුරු වලට අනුව (The Leopard project- The Wilderness and Wildlife Conservation Trust, www.wwct.org) මෙම සතුන් ශ්‍රී ලංකාව තුළ රක්ෂිත මෙන්ම අනාරක්ෂිත පෙදෙස් හී පැතිර පවතී. වර්තමානයේ දී මෙම සතුන් වාසභූමි ලෙස, වියළි සදාහරිත මෝසම් වනාන්තර, වියළි කටු කැළෑ‍, උස් හා පහත් නිවර්තන වනාන්තර,වැසි වනාන්තර හා කලාපීය අතරමැදි වනාන්තර ප්‍රධාන වශයෙන් තෝරාගෙන ඇත.

ශ්‍රී ලංකා කොටියා

පෝෂණය

ලොව වෙසෙන අන් සියලු කොටියන් සේම ශ්‍රී ලාංකික කොටියා ද තම ආහාරය පිණිස කුඩා ක්‍ෂීරපායීන්, පක්ෂීන්, උරගයින් සහ විශාල ප්‍රමාණයේ සතුන් ඇතුළු සතුන් විශාල ප්‍රමාණයක් ගොදුරු කරගනී. තිත් මුවෝ වියළි කලාපීය දිවි ගොදුරු අතර ප්‍රමඛස්ථානයක් උසුලයි. තව ද මෙම සත්වයා වදුරන්, වල් ඌරන්, සම්බා වැනි සතුන් ද ගොදුරු කරගනී.

විවිධ නිරීක්‍ෂණ වල ප්‍රතිඵලවල‍ට අනුව මෙම සතුන්ට හොදින් වැඩුනු මීමින්නන් පවා තම ග්‍රහණයට නතුකරගැනීමේ හැකියාව ඇත. කොටියා දඩයමේ යෙදෙන විට පළමුව ඉතාමත් උපක්‍රමශීලීව නිශ්ශබ්දව තම ගොදුර කරා ඇදේ. අනතුරු‍ව ඉතාමත් ප්‍රබල වේගයකින් ලගා වේ. දිවියන් විසින් තම ගොදුරේ ගෙල එක් වරක් සපනු ලැබීමෙන්ම ගොදුර මරා දමනු ලබයි.

ජීව විද්‍යානුකූල විවරණය

මෑත කාලයේ දී යාල ජාතික වන උද්‍යනය තුළ සිදු කරන ලද පර්යේශනයකින් අනාවරනය කරන ලද තොරතුරු වලට අනුව (The Leopard project- www.wwct.org) ශ්‍රී ලංකා කොටියා ලොව අන් කොටි ගහනයන් හා සසදන කල වැඩි සමාජශීලී බවක් හෝ අඩු නිශාචර හැසිරීමක් නොපෙන්වති. ගැහැනු සතුන් හා පැටවුන් හැරුනු කොට ශ්‍රී ලංකා කොටියා ඒකචාරී දඩයම් කරුවෙක් ලෙස සැළකේ. ශ්‍රී ලංකාව තුළ ගැහැනු හා පිරිමි සත්තු කොට්ඨාස, අතිච්චාදනයවු භූමි ප්‍රදේශ වල වාසය කරති. එනම් පිරිමි සත්තු, ගැහැනු සත්ව තොට්ඨාස අතරේ ද අසල්වැසි පිරිමි සත්ව කොට්ඨාස අතරේ ද සැරිසරති. බොහෝ විට ගැහැනු සතුන් වරකට පැටවුන් දෙදෙනෙක් පමණ බිහිකරන අතර වියළි කාලවලදී තරමක වැඩි සම්භාවිතාවක් සහිතව වසර පුරාම සංවාසයේ යෙදෙයි. සාමානය්‍යයෙන්, ලොව වෙසෙන අන් කොටි සසඳන කල ශ්‍රී ලංකා කොටියා තම දඩයම ගස් මත සැගවීම නොකරයි.

තර්ජන

ශ්‍රී ලංකා කොටියා විවිධ අකටයුතුකමි නිසා වදවීමේ තර්ජනයට ලක් වී ඇත. මින් ප්‍රධාන වශයෙන් මිනිස් දඩයම්කරුවන්ට හසුවීම, තම වාසස්ථාන අහිමි වීයාම හා විවිධ ආකාරයේ වධ හිංසා වලට ලක් වීම සිදු වේ. තත්‍වය එසේ තිබුන ද මෙම සතුන් සතු අතිශය අනුවර්තන හැකියාව හේතු කොට ගෙන, ඔවුන් මිනිස් වාසස්ථාන අසල පවා වාසය කිරීමට පුරුදු වී ඇත. වසර ගනනාවක සිට රට තුළ පවතින සිවිල් යුධමය කටයුතු හේතුවෙන්, දිවි සංරක්ෂණ කටයුතු පවා අඩාල වී ඇත. මෙය විශේශයෙන්ම විල්පත්තු ජාතික වන උද්‍යානය තුළ හා රාජ්‍ය හමුදාව හා එල්. ටී.ටි. ඊ. ත්‍රස්තවාදීන් අතර ගැටුම් පවතින නැගෙනහිර කළාප වල දැකිය හැක.

ප්‍රධාන තර්ජනය ලෙස දැකිය හැකි වන්නේ දඩයම්කරුවන් විසින් අටවන උගුල් වල හසුවීමෙන් කොටින් මිය යෑමයි.

  • දිනය 2011-ජනවාරි-22 [3]
දිග : අඩි 7 පමණ්
ස්ථානය : නුවර එළිය , සීතා එළිය
මිය යැමට හේතුව : දඩයම්කරුවකු විසින් අටවන ලද උගුලකට හසුවීම.

සංරක්‍ෂණය

වර්තමානයේ දී ශ්‍රී ලංකා කොටියා සම්බන්ධව සංරක්‍ෂණ කටයුතු සාර්ථක කරගැනීමට නම් තවදුරටත් පර්යේෂණ කටයුතු මෙහෙයවිය යුතුව තිබේ. The Wilderness and Wildlife Conservation Trust (WWCT) යටතේ අරඹා ඇති The Leopard project නම් වූ ව්‍යාපෘතිය මගින් කොටියන්සංරක්‍ෂණය සදහා ශ්‍රී ලංකා රජ‍යේ ද අනුබල ලැබී ඇත. මීට අමතරව Sri Lanka Wildlife Conversation Society නම් වූ ආයතනය මගින් ද විවිධ අධ්‍යයන කටයුතු කරගෙන යනු ලබයි.

වර්තමානයේ දී WWCT මගින් මධ්‍ය කදුකරයේ සීඝ්‍රයෙන් කොටස් වී ගෙන යන කොටි වාසස්ථාන සදහා තම සැළකිල්ල යොමුකරමින් පවතී. මෙම ආයතනය මගින් මීට පෙරද යාල ජාතික වන උද්‍යානය තුළ ක‍රන ලද පර්යේෂණ කටයුතුවල දී සොයාගත් තොරතුරු අනුසාරයෙන් මෙම සතුන් සම්බන්ධව හොඳ පදනමක් වැටී ඇත.

වැරදි වැටහීම්

වසර කිහිපයකට පෙරාතුව, ශ්‍රී ලංකා වනජීවී දෙපාර්තමේන්තුවේ ප්‍රධානි‍යෙකුගෙන් ලද තොරතුරු වැරදි ලෙස වටහාගත් මාධ්‍යය ආයතනයක් විසින්, ශ්‍රී ලංකා කොටියා, tiger ලෙස පළ කර ඇත. පසුව වනජීවී දෙපාර්තමේන්තු‍වේ ප්‍රධානි‍යා විසින්, ශ්‍රී ලංකාව තුළ tiger වාසය නොකරන බවට කල ප්‍රකාශය, ලංකාව තුල 'කොටි' වාසය කරන්නෙ නැත, ලෙසට තවදුරටත් වැරදි ලෙස තේරුම් ගෙන ඇත. පුරාණ ප්‍රස්ථාව පිරුළක් වන "කැළේ මාරු වුනත් කොටියාගේ පුල්ලි මාරු වෙන්නේ නෑ " යන්න නිවැරදි සිංහල ව්‍යවහාරයට අනුව කොටියා සතුව පවතින්නේ පුල්ලි බවත් ඉරි පවතින්නේ ව්‍යාඝ්‍රයාට බවත් තහවුරු කරයි.

Panthera pardus kotiya යන්නෙන් පැහැදිලි වන පරිදි "කොටියා" සත්‍යවශයෙන්ම ශ්‍රී ලංකාව තුළ ස්වභාවික තත්‍ව යටතේ වාසය කරනු ලබයි. තව ද Panthera pardus diviya ලෙස ද හදුන්වන සත්‍යවයෙක් වාසය කරනු නොලබයි. මෙසේ ගැටළුකාරී තත්‍වයක් උදා වී ඇත්තේ, මිනිසුන් විසින් ඉංග්‍රීසි බසේ යෙදෙන, tiger යන්න කොටියා ලෙසත්, leopard යන්න දිවියා ලෙසත් භාවිතා කරන බැවිනි. නිවැරදි සිංහල භාවිතය අනුව tiger යනු 'ව්‍යාඝ්‍රයා' වන අතර leopard යනු 'කොටියා' වේ. තව ද ශ්‍රී ලංකාව තුළ දිවියා යන යෙදුම සියවස් ගනනාවක සිටම බළල් පවුලට අයත් තරමක් කුඩා ප්‍රමානයේ සතුන් සදහා පොදුවේ භාවිතා කර ඇත. උදා: හඳුන් දිවියා, කොළ දිවියා.

මෙම වැරදි වැටහීම් ඉතා තදින් භාවිතා වන බවට බව 2011-ජන්වාරි-23 ලංකාදීප පුවත් පතේ ඇති පුවත් 2 කින් සනාථ වෙයි. "සිංහරාජයට තවත් දිවියෙක් අහිමි වේයි "[4] යන පුවත යටතේ නිවැරදිව නීති විරෝධීව මරා දමන ලද දිවියෙක් පිලිබඳව වාර්තා කරන අතර "දිවියෙක් මිනිස් උගුලට දිවි පුදයි" [5]යන පුවත යටතේ සැබෑ ලෙසම උගුලකට අසුවූ කොටියෙකු ගැන වාර්තා කරයි. එකම පුවත් පතේ වෙනස් සතුන් දෙදෙනෙක් ගැන එකම වචනය ( දිවියා) භාවිතා කරමින් වාර්තා කරයි. නමුත් ඉදිරිපත් කර ඇති ජායරූප වලින් අනතුරට පත් සතුන් දෙදෙනාගේ වෙනස පැහැදිලිව පෙනේ.

යොමුව

  1. සැකිල්ල:ITIS
  2. Nowell K, Jackson P (1996). "Panthera Leo" (PDF). Wild Cats: Status Survey and Conservation Action Plan. Gland, Switzerland: IUCN/SSC Cat Specialist Group. පි. 78. ISBN 2-8317-0045-0. http://carnivoractionplans1.free.fr/wildcats.pdf.
  3. http://www.lankadeepa.lk/2011/01/23/front_news/05.htm
  4. http://www.lankadeepa.lk/2011/01/24/front_news/04.htm
  5. http://www.lankadeepa.lk/2011/01/23/front_news/05.htm
විකිවිශේෂ සතුව පහත තේමාව හා අදාළ තොරතුරු ඇත: Panthera pardus kotiya
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.